මේ දවස් වල වෙඩින් කේක් කඩෙන් ගන්නවා කියන්නෙ වියදම ඩබල් සරලව පහසුවෙන් වෙඩින් කේක් හදන විදිහ කියලා දෙන්න හිතුනා..ඔයාට මෙහෙම හැදුවාම ලාබයි වගේම ලෙසියි…රසයි..තනියම මේ විදිහට හදලා බලන්න වරදින්නෙ නෑ..ඔයාට 😍😍
ඔනි කරන දෙවල් ටික කොටස් තුනකට වෙන් කරලම දැම්මා එතකොට ලේසියි ..සාමාන්‍ය කේක් කැල්ලක 2+1 ප්‍රමාණයෙන් 30 කිට්ටුවෙන්න කපන්න පුලුවන්…
අවශ්‍ය ද්‍රව්‍ය :-
1 අදියර
- සුල්තානා – 100g
- පුහුල් දෝසී – 100g
- ඉගුරු දෝසී – 100g
- කජු -100g
- රතු චෙරි -100g
- කොළ චෙරි – 100g
- රටඉදි – 150g
- චවු චවු -100g
- ටුටී ෆෘට් -150
- සුවඳ කුඩු – tes 1/2
- ගෝල්ඩන් සිරප් – මේස හැදි 4
- ආමන්ඩ් එසන්ස් – මේස හැදි 1/2
- රෝස් එසන්ස් – මේස හැදි 1/2
- බ්‍රැන්ඩි – මේස හැදි -3
2 අදියර
- රුලං – 200g
- බටර් -100g
- සීනි -100g
- බිත්තර කහ මඳ 2ක්
- ජෑම් යොගට් කප් බාගයක් වැනිලා – tes1/2
3 අදියර
- අයිසිං සීනි – 400g-500g
- වැනිලා – බිංදු 2
- ආමන්ඩ් එසන්ස් – බිංදු 1-2 රොස් එසන්ස් – බිංදු 1-2 බිත්තර සුදුමඳ – 2

