• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

උඩරට සිංහල මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය හරියටම දැනගමු

Lakshani by Lakshani
April 29, 2022
in Bridal Fashion
0
උඩරට සිංහල මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය හරියටම දැනගමු
0
SHARES
3.4k
VIEWS
Share on FacebookShare on Twitter

සිංහලයේ මනාලියගේ ඔසරිය වර්තමානයේ හඳුන්වන සම්ප්‍රදායික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබිඹු කරයි. හරියට ඇය රජ බිසවක නියෝජනය කරනවා යැයි කිව්වොත් නිවැරැදියි. ඇගේ කරට දමන මාල හත සත්පත්තිනි පතිවෘතාව සංකේතවත් කරයි.උඩරට මනාලියකගේ ආභරණ කට්ටලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් හැටියට පැරැන්නන් සලකනු ලැබීය.

ඇගේ හිස මත පළඳවන තැල්ල පත්තිනි තැල්ල හැටියටත් හඳුන්වයි. හිසේ දකුණ සහ වම්පස තිබෙන ඉර හඳ දෙක මඟින් හිරු සහ සඳු තිබෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බව සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩය මහමේරු පර්වතය සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් තමාට ඇති බවයි. හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් කියැවෙන්නේ පිරුණු උරමඬලක හෙවත් පවුල් ජීවිතයේ හැම බරක්ම දරාගත හැකි පූර්ණත්වයක් ඇය තුළ සංකේතවත් වන බවයි.

ඔසරිය එදා රජ මාළිගාවේ රාජාභිෂේකය සදහා භාවිත කළ රජ බිසවගේ ලාලිත්‍යය මතු කළ අයුරින් හැඩ ගැන්වීම කළ යුතුය. නැතහොත් උඩරට මනාලිය තුළින් දිස්වන තේජස් බව හා ගාම්භීරත්වය යටපත් වී යා හැකියි. එදා මෙදාතුර ඔසරියට මේ ලැබුණු ගාම්භීරත්වය විවාහ මංගල්‍ය දිනයේ සතුට හා විශ්වාසය තවදුරටත් සනාථ කරන සංකේතයක් ලෙස ප්‍රකටය. උඩරට මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය ආගමික හා සමාජීය පසුබිමක් මත නිර්මාණය වූවකි. මෙම වස්ත‍්‍රාභරණ කට්ටලය පැළැඳීම තුළ කාන්තාව පතිනියක ලෙස සමාජයේ ප‍්‍රශංසා ලබන බවත් සෑම ආභරණ අංගයක්ම ඔත්තේ සංඛ්‍යා මත නිර්මාණය වීම හා අර්ථයක් සහිතව පැළඳීම තුළ කාන්තාවට සුබපල ගෙන එන බවත් කියැවේ.

01.නළල් පටිය

නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැළඳවීම සිරිත.මෙම අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරයි.

02.ඉර හඳ ආභරණය

මනාලියගේ හිසේ දකුණු පැත්තේ හිරු සහ වම් පැත්තේ සඳු පළඳවනවා.හිරුගේ ගති ගුණ මනාලයාගේ ගති ගුණ වලටත්, සඳුගේ ගති ගුණ මනාලියගේ ගති ගුණ වලටත් සමාන කරනවා. ඒ වගේම ඉර හඳ පවතින තුරු මංගල යුවලගේ බැඳීම පවතිනවා කියලා සංකේතවත් කරනවා. මීට අමතරව මේ ආභරණය පැළඳීම නිසා, මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙන කියලත් කියනවා .

03.කොණ්ඩා කූරු

කොණ්ඩා කූරු පළඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැළඳිමෙන් මනාලියට සෞභාග්‍යයේ ලැබෙන බව සංකේතවත් කරනවා.

04. කරාබු

උඩරට මනාලිය පළඳින කරාබු වර්ගය හඳුන්වන්නේ “කඩුක්කන්” කියලා.විශේෂම කාරණාව තමයි මේවා පැළඳිමෙනුත් මනාලියට සෞභාග්‍ය ලැබෙන බව සංකේතවත් කරනවා.

05.වළලු

උඩරට මනාලියගේ වළලු හඳුන්වන්නේ අගස්ති වළලු සහ බංගලි වළලු කියලා.

06. මුදු

උඩරට මනාලිය ඇඟිලි පහටම මුදු පළඳිනවා.මේ මුදු වලින් කියන්නේ මනාලියට නිරෝගී සම්පත්තිය හිමි වන බව සංකේතවත් කරනවා.

07.හවඩිය

හවඩිය පළඳින්නේ මනාලියගේ ඉනේ හැඩය ටිකක් වැඩියෙන් ලස්සනට පෙන්වන්න

08.මංගල මාල කට්ටලය

උඩරට මනාලිය සම්ප්‍රදායික ඔසරිය සමඟ පළඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය කියලා තමයි විශ්වාස කරන්නේ.එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි.මේ මාල ගොඩක් දිඟයි.එකේ තේරුම තමයි මනාලියට මුහුණ පෑමට සිදු වන විවිධ සෞඛ්‍ය ගැටළු මාලය දිගේ පොලව වෙත ඇදී යනවා කියන එක.එමඟින් මනාලියට නීරෝගී සම්පත්තිය හිමි වන බව විශ්වාස කරනවා.ඒ විතරක් නෙමෙයි මනාලිය පළඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරනවා කියලත් මතයක් තියෙනවා.

  • හංස පූට්ටු මාලය

හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවල වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි.

හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතයි.මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.

  • පදක්කම් මාලය

පදක්කම් මාලය පැළඳීමෙන් සංකේතවත් කරන ලද්දේ පියාගේ ගෞරවය ආරක්ෂා කළා සේම තම ස්වාමියාගේ ගෞරවය ද ආරක්ෂා කරන බවයි

  • මකර මාලය

මකර මාලය පැළඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරනවා.

  • කිරි මාලය

කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහලිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැළඳගෙන සිටින බවයි.

  • අගස්ති මාලය

අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරු වන බව විශ්වාස කරනවා.මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍ය උදා කරන්නට මේ අගස්ති මාලය සමත් වන බව විශ්වාස කරනවා.

  • ධාන්‍ය මාලය

ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍ය සංකේතවත් කරනු ලබනවා.

  • පෙති මාලය

මේ පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාවය සංකේතවත් කරනවා

  • කර මාලය

විශේෂ මාල හතට අමතරව මනාලයා විසින් මනාලියට  පළඳවන මාලය කර මාලය ලෙස හදුන්වයි. ඒය සංස්කෘතික සිරිතකි.

මේ දේවල් තමයි උඩරට මනාලියගේ අභරණ වෙන්නේ.ගොඩක් වෙලාවට මොඩර්න් කැන්ඩියන් අදින කෙනෙක් නම් මේ සියලු ආභරණ පළඳින්නේ නැහැ.හරියටම සංස්කෘතියට අනුව උඩරට ඔසරිය අඳිනවා නම් මේ ආභරණ අනිවාර්යෙන් පළඳිය යුතුයි.

Next Post

මොඩර්න් කැන්ඩියන් සමග මුල් ඇඳුම ගැලපෙනවද?

Next Post
මොඩර්න් කැන්ඩියන් සමග මුල් ඇඳුම ගැලපෙනවද?

මොඩර්න් කැන්ඩියන් සමග මුල් ඇඳුම ගැලපෙනවද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.