අතීතයේ එංගලන්ත රාජ කුමාරියන් ලස්සන වෙන්න භාවිතා කළ මේ රහස් වට්ටෝරුව පුදුමාකාර ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා. ආසියාතික රටක අව්වෙන් පිළිස්සී ගොස්,ලෙඩ දුක් වලින් වැඩිපුර මලානික වී, ජීවිතයේ කරදර වලින් හෙම්බත් වී ගොස් ඇති මුහුණුවලට මේ සත්කාරය ගෙන එන්නේ දෙවියන්ගේ ආශිර්වාදයක් බදු සුන්දරත්වයක්.
ඕට්ස් කියන නම නිතරම බර අඩු කිරීමත් එක්ක බැදී තියෙන දෙයක්. ඔබත් බර අඩු කරගන්න, ලස්සන කෙට්ටු ඇගක් ලබාගන්න කැමති කෙනෙක් නම් උදැසන ඕට්ස් ආහාරයට ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :
- ඕට්ස් කෝප්ප භාගයක්. ( ඕනෑම සුපිරි වෙළඳ සැලකින් ලබාගත හැකි උදෑසන ආහාරයක් ලෙස බොහෝ දෙනා එක ලබාගන්නවා. එම නිසා එතරම් මිලක් වෙන්නේ නෑ.)
- මීපැණි මේස හැදි දෙකක්
- හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර ලබාගත් කෙසෙල් පල්පර් මේස හැඳි දෙකක්
- සම්පූර්ණ යොදය සහිත කිරි මේස හැඳි දෙකක්
- මුදවපු කිරි මේස හැඳි එකක්
සාදාගන්නා ආකාරය:
මුලින්ම වතුර මේස හැදි තුනක් සමග ඕට්ස් මිශ්‍ර කර ගන්න. පිරිසිදු සාස්පානකට දමා මදගින්නේ පිසින්න. විනාඩි දෙක තුනක් යද්දි ඕට්ස් හොඳින් තැම්බෙනවා.
දැන් ඉහත කී ද්‍රව්‍ය එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. ලිපෙන් බාගන්න.
දැන් මුදවපු කිරි මී පැණි සහ කෙසෙල් පල්ප එකතු කරන්න. විනාඩි දෙකක් හොදින් මිශ්‍රකර බෝල් එකකට දමා ගන්න.

පාවිච්චි කරන ආකාරය:
හොඳින් උනු වතුරෙන් පොගවා ගත් කුඩා ටවල් එකක් මිරිකාගෙන මුහුණ මත විනාඩි දහයක් ඉන්න. පසුව මුහුණ හොදින් පිසදා ගන්න.
දැන් සාදා ගත් ඕට්ස් කැද පේස් පැක් එක මුහුණේ බෙල්ලේ හොඳින් තවරා ගෙන උඩුබැලි අතට විනාඩි හතලිහක් ඉන්න. මෙය ඔබට තනිව ගල්වා ගැනීමට අපහසු නම් නිවෙසේ අයෙක්ට කියා ආලේප කරගන්න.
දෑස් පියාගෙන විනාඩි හතලිහක් ඉන්න. පසුව පිරිසුදු වතුරෙන් සෝදා හරින්න. පළවෙනි සත්කාරයෙන් පමණක් ඔබට සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ සදාකාලික රඳවාගන්නට දින 4කට වරක් මේ සත්කාරය කරන්න
ඔබේ දෙයත් හා දෙපාත් ඉතාම අවපැහැ වී ඇත්නම් ඒ සඳහා ද මේ සත්කාරය ඉතාමත් හොඳයි.

