බලන බලන කෙනාට බ්ලඩ් සුගර් එක ඒ කියන්නේ දියවැඩියාවනේ.මේ වෙද්දි හැම දහ දෙනෙක්ගෙන් පස් දෙනෙක්ටම දියවැඩියාව වැලදීලා. දියවැඩියාවට හේතු ගොඩක් තියෙනවා. දියවැඩියාව නිසා බරපතළ ශාරීරික ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා. ඒ ගැන නම් කොහෙත්ම නොසලකා ඉන්න බෑ. හෘදයාබාධ,වකුගඩු,හදවතේ කිරීටවල ඇතිවන අවහිරතා, දෙපාවල ඇතිවන රුධිර වාහිනී අවහිරතාවය, ඇහේ දිෂ්ටි විතානයට හානි වීමෙන් ඇසේ පෙනීම අවහිරවීම වැනි තත්ත්වය වගේම ස්නායු දුර්වලතා නිසා ඇතිවන රෝගී තත්වයන් වැනි දේත් දියවැඩියාව නිසා ඇතිවෙනවා.මේ නිසාම මේ කාලකන්නි රෝගය හැදෙන කොටම පාලනය කරගන්න ඕනෙ. කෑම බීම පාලනයෙන් ම පමණක් විය වැඩියාව පාලනය කරන්න අමාරුයි. සමබර ආහාර වේලක් දිනපතා ම ලබා ගැනීම,ශාරීරික අභ්‍යාස,මානසික නිස්කලංක බැවින් දිවිගෙවීම,නිස්කලංක දිවි පෙවෙතක් පවත්වා ගෙන යාම,නිසි ලෙස ඖෂධ ලබාගැනීම වැනි වතාවත් නිසිලෙස පවත්වාගෙන යා යුතුයි.
දියවැඩියාව ඇති වීමට ප්‍රධානව බලපාන්නේ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අවහිර වීමයි. ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයේන් ශ්‍රාවය වෙන හෝමෝනයක්. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලුකෝස් මට්ටම පාලනය කරයි.සමබරව පවත්වාගෙන යයි.දියවැඩියාව යනු ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය වීම අඩුවීම,ශරීරයේ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ට අවහිරතාවයක් ඇති වීම යන කාරණා දෙක නිසා ඇතිවන සංකූලතාවයක්. මේ කාරණා දෙක නිසා ශරීරයේ ග්ලූකෝස් එවත් රුධිරයේ ඇති සීනි මට්ටම ඉහළ යනවා. Glucose භාවිතා වීම වගේම ශරීරය විසින්ම glucose නිෂ්පාදනය කිරීම මේ නිසා වැඩි වෙනවා. ප්‍රතිඵලය දියවැඩියාව නිසා බරපතළ රෝග තත්ත්වයන් ඇති වීමයි.
පුරාණ ආයුර්වේද සෘෂිවරුන් විසින් දියවැඩියාව සදහා ම නිර්දේශය කළ රහස් පාන වර්ග තුනක් අපි අද ඔබට ලබා දෙනවා. එය පහසුවෙන්ම හදාගෙන පහසුවෙන්ම පානය කළ හැකි රහස් පාන වර්ග තුනකි.මේ මගින් ඉන්සියුලින් හෝමෝනය නැවත නිෂ්පාදනය වීම පටන් ගන්නවා.එසේම එහි ක්‍රියාකාරිත්වය ද වැඩි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියා තත්ත්වය හොඳින් ම පාලනය වීමයි.
රහස් පාන වර්ග 1

අවශ්‍ය දේවල්
- ලංකාවේ ගස් වල හැදුනු දෙළුම් ගෙඩි තුනක ලෙලි (යන්තමින් ඉදීගෙන එන දෙළුම් නම් වඩාත් හොඳයි)
- වතුර වීදුරු තුනක්
සාදාගන්නා ආකාරය
වතුර වීදුරු තුන සමග දෙළුම් ගෙඩි තුනේ ලෙලි පිරිසුදු සාස්පානකට දමන්න. දැන් මද ගින්නේ රත් කරන්න. වතුර වීදුරු තුන වීදුරු එකට හිඳගන්න.
එය උදෑසනම පානය කරන්න.
රහස් පාන වර්ග 2

අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඟුරු අඟල් 2ක කැබැල්ලක්
- ගොරකා කැබලි 12ක්
- මාදුරු තේ හැඳි එකක්
- වතුර වීදුරු තුනක්
සාදාගන්නා ආකාරය
වතුර වීදුරු තුන සමග සිහින්ව තලාගත් ඉඟුරු,ගොරකා කැබලි, මාදුරු දමා මදගින්නේ පැයක් රත් කරන්න. වතුර වීදුරු තුන එකට හිඳ වන්න.
දවල් කෑමෙන් පසුව මේ පානය බොන්න.
රහස් පාන වර්ග 3

අවශ්‍ය ද්‍රව්‍ය
- සියඹලා දෙහි ගෙඩි දෙකක පමණ ගුලියක් (ඇට ඉවත් කරගන්න)
- වතුර වීදුරු තුන් කාලක්
සාදාගන්නා ආකාරය
වතුර වීදුරු තුන්කාල සමග සියඹලා හොඳින් අතින් මිශ්‍ර කරන්න පසුව පෙරාගන්න රාත්‍රී ආහාරයට පසුව බොන්න.
මේ පාන වර්ග තුන බොන අතරම දෛනිකව රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කර ගන්න සීනි මට්ටම අඩු වන විට මින් එක් පාන වර්ගයක් පමණක් ගන්න. එකවර පාන වර්ග තුනම ගත යුත්තේ සීනි මට්ටම අඩුවන තුරු පමණයි.

