ශ්‍රී ලංකාවට විවාහ යෝජනා ඉදිරිපත් කිරීම සමීප නැති වුවත් බටහිර රටවල නම් මෙය විවාහයේ ප්‍රධානම අංගයක්. ඔබ සිත් ගත් යුවතියට හෝ තරුණයාට විවාහවීමට යෝජනාවක් ඉදිරිපත් කරන්න සිතෙන්නේ නම් ඔබටයි මේ අදහස් කිහිපය.

01.පික්නික් එකක් සූදානම් කිරීම

පික්නික් එකක් ගිය අවස්ථාවකදී විවාහ යෝජනාව ඉදිරිපත් කිරීම ගොඩක් ආදරණීය වේවි. ඔබ විවාහ යෝජනාව ඉදිරිපත් කරන ගැහැණු ළමයා ආහාරයට කැමති විවිධ වර්ගයේ කෑම ඇතුළත් ආහාර කුඩයක් සකස් කරගෙන මේ සඳහා ඇයත් එක්ක එකතු වන්න. ඇයගේ සහ ඔබගේ නිවසියන් හෝ මිතුරන් වුවත් මේ සඳහා සහභාගි කරගත හැක.
02.දෙදෙනා සමඟ කන්දක් නැගීමට යන්න

ඔබ දෙදෙනාම කඳු නැගීමට වැඩි ප්‍රියතාවයක් දක්වන දෙදෙනෙක් නම් ඇයට ඔබේ යෝජනාව ඉදිරිපත් කිරීමට හොඳම ක්‍රමයයි මේ. රෝහිත රාජපක්ෂ ට්ට්යානා ට තම විවාහ යෝජනාව ඉදිරිපත් කිරීමට භාවිත කළේත් මෙම ක්‍රමයයි. කන්ද නැගීම අවසන් කර කන්ද මුදුනේ දී ඇයට මුද්දක් ලබා දී ඇය සමග විවාහ වීමට කැමැත්ත පළ කිරීම ඉතාමත් ආදරණීය වනු ඇත.
03.ඉහල මහලක වහලයක (rooftop) සිට

තට්ටු ගණනාවක් ඇති ගොඩනැගිල්ලක ඉහළම මාලයේ වහලේ සිට ඔබගේ විවාහ යෝජනාව ඇයට ඉදිරිපත් කරන්න.මේ සඳහා ඉහළ වහලයේ සකස් කරන ලද ඉටිපන්දම් රාත්‍රියක් ඔබට යොදාගත හැකි.
04.වඩාත් සැලසුම් සහගතව කරන යෝජනාවක්

මල් සැරසිලිකරුවන්,නැටුම් කණ්ඩායම් විවිධ ඉදිරිපත්කරන්නන් භාවිතා කරමින් ඉතාමත් සැලසුම් සහගතව විවාහ යෝජනාව ඉදිරිපත් කළ හැකියි. කෙටියෙන්ම කියනවා නම් මෙය වාව් විවාහ යෝජනාවකි.
05.බෝට්ටු සවාරියක් යාම

ඇයත් සමග බෝට්ටුවක්,පාරුවක් භාවිතා කරමින් විලක හෝ ගඟක ඇවිදීමට යන්න. ඔබ ධනවත් නම් මේ සඳහා නැවක් වුවත් යොදාගත හැකියි. විලෙහි හෝ ගඟෙහි මධ්‍යම ස්ථානයට පමණ ගිය පසු ඇයට තම විවාහ යෝජනාව ඉදිරිපත් කරන්න. පරිස්සමෙන් ඇය පුදුම වී වතුරට ඇද වැටෙන්න පුළුවනි.
06.වැස්සේ තෙමෙන්න.

කවුද වැස්සට අකැමැති? වැහිබර කාලගුණයක් තිබෙන දවසක ඇය සමග ඇවිදින්න යන්න. වැස්ස කඩා හැලෙන විට වැස්සේ තෙමෙමින් ඇයට තම මුදුව දිගුකරන්න. ඇය පුදුම වනු ඇත.
07.සුරතලාව යොදාගන්න

ඔබ දෙදෙනාම සතුන්ට දැඩි සේ ආදරේ කරනවා නම් ඇයට/ ඔහුට යෝජනා කිරීමට හොඳම ක්‍රමයයි මේ.ඔබගේ සුරතලාගේ බෙල්ලේ හෝ අගේ බඳින ලද විවාහ යෝජනාව ඇතුලත් ලියවිල්ලක් /මුදුවක් සමග සුරතලාව ඇය/ ඔහු වෙත යවන්න.
08.මල් යැවීම

ඔබගේ සහකාරිය මල් වලට දැඩි සේ ප්‍රියතාවයක් දක්වන කෙනෙක්නම් ඇයට විශාල මල් කළඹක් යවා ඔබගේ යෝජනාව ඉදිරිපත් කිරීම ඉතා සුදුසුය.
09.ව්‍යාජ ඡායා රූප ගත කිරීමක්

ඔබගේ සහකරුට/ සහකාරියට පවසන්න ඔබ දෙදෙනා ඡායාරූප ගත කිරීමක නිරූපිකාවන් ලෙස තෝරාගෙන ඇති බව. පසුව ඡායාරූපගත කිරීම අතරතුර ඔබට ඇසීමට ඇති දේ ඇයගෙන් /ඔහු ගෙන් විමසන්න.
10.බීච් එකට යන්න

ගොඩක් කපල් ආසයි නේ බීච් එකට යන්න ඉතින් බීච් එකත් විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් හොඳ ස්ථානයක්. හිරු බැස යන සවසක වෙරළට ගොස් ඇයත් සමග පරිසරයේ සුන්දරත්වය විඳිමින් එම ආදරණීය අවස්ථාව ළඟාකර ගන්න.

