Bridal Shower එකක් යනු විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින මනාලියට තෑගි ලබා දීමේ උත්සවයකි.මෙය Bride to be party ලෙසද හදුන්වයි. මනාලයා සදහා bachelor party එකක් ද මනාලිය සදහා bridal shower එකක් ද පැවැත්වීම සිදුකරයි.මෙය අතීතයේදී විවාහවීමට නියමිත මනාලියගේ නිවස සඳහා භාණ්ඩ සැපයීම හා විවාහය පැවැත්වීම සහතික කිරීම සඳහා භාණ්ඩ හා මූල්‍ය ආධාර අරමුණු කරගෙන පවත්වන ලදී.

Bridal shower ආරම්භය 1860 වර්ෂයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය දක්වා දිව යයි. ඉතිහාසය දක්වන ආකාරයට මෙම bridal shower එක හා සබැඳිව දෑවැදි ක්‍රමය ආරම්භ වී ඇතැයි සැලකේ. මුල් කාලීනව ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර මුල් බැස ගත් මෙම උත්සවය පසුකාලීනව සියලු ජන කොටස් අතර ප්‍රචලිත විය.
සංවිධානය කරන්නේ කා විසින්ද?

- මනාලියගේ සමීපතම මිතුරියන් කිහිප දෙනෙකු හෝ සමීපතම පවුලේ සාමාජිකයන් එකතු වී මෙම උත්වසවය සංවිධානය කරයි. අතීතයේදී මේ සඳහා මනාලියගේ පාර්ශවයේ කාන්තාවන් පමණක් සම්බන්ධ වුවත් වර්තමානයේ දී මෙම අවස්ථාව සඳහා මනාලයා සහ මනාලයාගේ මව, සහෝදරියන් සම්බන්ධ වීම දක්නට ලැබේ.
- මෙය කාන්තාවන්ට පමණක් සම්බන්ධ විය හැකි උත්සවයකි.මේ සඳහා මනාලයා සම්බන්ධ වීම අනිවාර්ය නොවුනත් වර්තමානයේ දී මනාලයා මෙම අවස්ථාවට සම්බන්ධ වී මනාලියට තෑගිබෝග ලබා දීම සුලබ දසුනකි.
- මේ අවස්ථාව සඳහා අවන්හලක්, හෝටලයක් පවුලේ සාමාජිකයෙකුගේ නිවසක් හෝ උද්‍යානයක වැනි එළිමහන් ස්ථානයක් භාවිතා කරන්න පුලුවන් තවද මනාලිය ඉගෙනගත් පාසලේ වුවද පවත්වා මෙම අවස්ථාව විශේෂ කරගත හැකිය.
Bridal Shower එකක් පැවැත්වීම සඳහා අදහස් 5 ක්
- Beach Bonanza

වෙරළේ සකස් කරන ලද ස්ථානයක හෝ වෙරළාසන්න හෝටලේක රාත්‍රී ආහාර වේලක් සමග ෂැම්පෙන් රසවිදිමින් ආදරණීය අවස්ථාවක්
- Backyard Bliss

අලංකාර මල් සැකසුම්,විදුලි පහන් ආදියෙන් ආලෝකමත් වූ නිවසක ගෙවත්තේ විවිධ විනෝද ජනක ක්‍රීඩා සමග රාත්‍රියක්
- Tea party

සැන්විචර්ස්, කේක් , බිස්කට් වැනි විවිධ වර්ගයේ and details රස කැවිලි වලින් සමන්විත තේ මේසයක් සැකසීම.
- All about color

විවාහ මංගල sevi සඳහා භාවිතා කිරීමට නියමිත කාට තේමාව භාවිතා කරමින් මෙම අවස්ථාව සැලසිය හැකි උදාහණයක් වශයෙන්ම මනාල යුවළගේ සහ පිරිසකි ඇඳුම් සඳහා භාවිතා කරන පාට මෙම අවස්ථාවට යොදාගත හැකියි.
- Jack and Jill

Bridal Shower කාන්තාවන්ට පමණක් සහභාගි විය හැකි උත්සවයක් වුවත් Jack and Jill Bridal Shower එකකදි අවස්ථාවට මනාලයාගේ යහළුවන් හෝ මනාලයාගේ පවුලේ අය සම්බන්ධ ගත හැකියි.

