බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා ශරීරයේ අනෙකුත් කොටස් වලට වඩා අපේ පාද සහ අත් අඳුරු වීමේ ප්‍රවනතාවක් තිබීම.ශුෂ්ක කලාපීය රටක ජිවත්වන අප දැඩි හිරු එළියට නිරාවරණය වෙනවා. මේ දැඩි හිරුඑළියෙන් ආරක්ෂා වීම සඳහා අපේ සම මෙලනින් නිපදවන අතර මෙලනින් වැඩි වීම අඳුරු සමක් ඇති කරයි. විශාල මුදලක් වියදම් කරලා විවිධ වර්ගයේ අහිතකර රසායනික ආලේපන ශරීරයට භාවිතා නොකර අපි කවුරුත් දන්න කැරට් වලින් කොහොමද අදුරු පැහැය නැති කර සම පැහැපත් කර ගන්නෙ කියලා මේ ලිපිය හරහා ඔබට ගෙන දැක්වීමක් සිදු කරයි.
කැරට් ජුස්

අවශ්‍ය ද්‍රව්‍ය :
- පොතුහැර පොඩිවට කපාගත් මධ්‍යම ප්‍රමාණයේ කැරට් අල දෙකක්
- පොතුහැර පොඩිවට කපාගත් බීට් රූට් ගෙඩියකින් බාගයක්( තිබේ නම් පමණක් )
- මධ්‍යම ප්‍රමාණයේ ඉගුරු අලයකින් ¼ පොතුහැර පොඩිවට කපාගන්න
- ලෙමන් ගෙඩි බාගයක්
- පිරිසිදු වතුර කෝප්ප බාගයක්
සාදාගන්නා ආකාරය :
ලෙමන් හැර ඉතිරි සියල්ල බ්ලෙන්ඩර් එකට දමා හොදට බ්ලෙන්ඩ් කරගන්න. මිශ්‍රණය හොදින් මිශ්‍ර වූ පසු එය වීදුරුවකට දමා අන්තිමේදී ලෙමන් එකතු කරන්න.
මෙම මැජික් පානය සෑම උදෑසනක ම හිස්බඩ භාවිතා කිරීම සුදුසු වේ. මෙමගින් ඔබට ලැබෙන ප්‍රතිපල ඉතාම විශ්මයජනක වනු ඇත. මාසයක් එකදිගට භාවිතා කිරීමෙන් ඔබගේ ශරීරයේ සිදුවන වෙනස ඔබටම බලාගත හැකියි.
කැරට් කියන්නේ රත්තරන් වලටනේ, ඉතින් ඒ කැරට් වලින් ලැබෙන ප්‍රතිපලත් රන් හා සමානයි. කැරට් තුළ විටමින් A අඩංගු වන අතර විටමින් A මගින් ඔබගේ මුහුණේ කුරුලෑ, ලපකැළැල්, ඇතිවීම පාලනය කරයි. එමෙන්ම සමහි අව්වට පිළිස්සීම සහා දුර්වර්ණ වීම නැතිකිරීම සදහා ද විටමින් A උපකාරී වෙනවා.
බීට් රූට් තුල පොටෑසියම්, සින්ක්, අයන්,පෝලික් ඇසිඩ්,මැග්නිසියම් සහා විටමින් C අඩංගු වන අතර මේවා මගින් ඔබගේ ශරීරයේ ලේ පිරිසිදු කරන අතර සම පැහැපත් කිරීමට ද උපකාරී වේ.
ලෙමන් තුළ තියන විටමින් C මගින් සම පැහැපත් කරන අතර ඉගුරු මගින් ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට උපකාරී වේ. තවද මේ ඩ්‍රින්ක් එක මගින් ඔබගේ ආහාර ජීර්ණය පහසු කරන අතර ඔබව දවස පුරා සැහැල්ලුවෙන් තබයි.
කැරට් ඔයිල්

අවශ්‍ය ද්‍රව්‍ය :
1 ක්‍රමය
- වීදුරු බෝතලයක්….(ජෑම් බෝතලයක් )
- සුදු පොල්තෙල් කාලක් මන් ඔයාලට කියන්න යන්නෙ මැජික් එකක් වගේ ඔයිල් එකක් ගැන.. ඔයාල සමහර අය දන්නවත් ඇති…
- කැරට් අලයක්
- අමු කහ කෑල්ලක්
- විටමින් E කරල් 2ක්
- ඔලිව් ඔයිල් මේස හැන්දක්
සාදාගන්නා ආකාරය :
මුලින්ම වීදුරු බෝතලේ අරගෙන හොඳට හෝදලා අව්වේ තියලා ඒකෙ වතුර ගතිය නැති කර ගන්න
ඉන්පසු කැරට් අලේ පොත්ත අරින් නැතුවම ලුණු වතුර එකක හරි විනාකිරි වතුර එකක හරි පැය භාගයක් තියලා තියන්න.පැය භාගයෙන් පස්සේ කැරට් අලේ හොඳ වතුරෙන් දෙතුන් පාරක් හෝදලා පොත්ත සුද්ද කරලා පිරිසිදු රෙදි කැබැල්ලකින් හොදින් පිහදමා සිහින්ව කැරට් කපා ගන්න.
අමු කහ ද හොදින් සෝදා සුද්ද කර වතුර ගතිය නැති වූ පසු සිහින්ව කපාගන්න.
ඊළගට සුදු පොල් තෙල් එක ජෑම් බෝතලයට දාලා අව්වේ තියෙන්නෙ දවස් පහක් …තද අව්වේ …
දවස් පහෙන් පසුව කැරට් ටිකයි අමු ගහ ටිකයි තෙල් වලින් වෙන් කරගන්න.
මිරිකල ඒවගෙ තියන තෙල් ගන්න උත්සහ නොකරන්න මන්ද උනාම වතුර එකතු වුවහොත් කල් තියාගත නොහැකිය.
ඉන්පසුව විටමින් ඊ කරල් 2ක් සහා ඔලිව් ඔයිල් ටික මිශ්‍රණයට එකතු කරන්න
2 ක්‍රමය
ඇලුමිනියම් බදුනකට කැරට්,අමුකහ ,පොල්තෙල් දමා,වතුර පිරවූ භාජනයක් ඇතුලේ ඔයිල් දැමු භාජනය තබා ඔයිල් එක රත් වී බුබුලු දානකල් ඩබල් බොයිල් කරගන්න.
ඉන්පසු විටමින් ඊ, ඔලිව් ඔයිල් එකතු කරගන්න.
භාවිතා කරන ආකාරය :
නෑමට පැය 2ට පමණ කලින් ඔබගේ අත් පා සහා අදුරු ප්‍රදේශ හොදින් සම්භාහනය කර නාන්න
නැතිනම් රාත්‍රී කාලයේ ආලේප කර නිදාගන්න. තවද ඔබ භාවිතා කරන body lotion වර්ගයට කැරට් ඔයිල් එකෙන් බින්දු කිහිපයක් මික්ස් කර සම්භාහනය කර උදේට සෝදාහරින්න.
සති දෙකක් එකදිගට භාවිතා කිරීමෙන් ඔබට ප්‍රතිපල බලාගත හැකිය. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
කැරට් ක්‍රීම්

- කැරට් අලයක්
- Fresh milk
- කඩල පිටි හැදි 2 ක් විතර
- කහ (අමු කහ,කෑමට ගන්න කහ, කස්තුරි කහ ඕනෑම වර්ගයක් භාවිතා කල හැකිය )
සාදාගන්නා ආකාරය :
කැරට් ටික හොදින් සෝදා රවුමට කපාගන්න.
කපාගත් කැරට් පිරිසිදු භාජනෙකට දාගෙන Fresh milk ටික දාගන්න. (තෙල් සහිත සමක් නම් fresh milk වෙනුවට වෙනිවැල් ගැට තැම්බූ වතුර භාවිත කළ හැකිය )
එම මිශ්‍රණයට කහ එකතු කරගන්න.
කැරට් ටික හොදට තැම්බු පසු fresh milk ස්වල්පයක් ඉතුරු වී තිබෙද්දී ලිපෙන් බා ගන්න.
ඉන් පස්සෙ මිශ්‍රණය නිවෙන්න තබා බ්ලේන්ඩ් එකට දමා කඩල පිටිත් එයට එකතු කර බ්ලේන්ඩ් කරගන්න.
මේ ක්‍රීම් ඒක දවස් හතක් පමණ ෆිජ් එකෙ දමා භාවිතා කළ හැකිය.
භාවිතා කරන ආකාරය :
තමන්ට පහසු වෙලාවක ගාන්න.රාත්‍රී කාලයේ ගා උදේ වෙනකන් තියාගන්න පුලුවන්නම් වඩාත් හොදයි.එහෙම අපහසු නම් ක්‍රීම් එක ගාලා පැයක් පමණ තියලා ඇල් වතුරෙන් සෝදන්න.
මෙයා මුහුණට මෙන්ම අත් පා සදහා ද භාවිතා කළ හැකියි.පැහැපත් සමක් පවතින අයෙක්ට සතියකින් පමණ මෙහි ප්‍රතිපල බලාගත හැකි නමුත් අදුරු සමක් තිබෙන අයෙක්ට මාසයකින් පමණ ඔබගේ වෙනස ඔබටම අත්විදිය හැකිය.

