ස්ක්‍රබ් කිරීමේ මූලික අරමුණ තමයි සමේ මැරුණූ සෛල ඉවත් කිරීම. අපි මුහුණ විතරක් ස්ක්‍රබ් කරනවා නම් ඒක Face Scrub එකක් ලෙසත් ඇඟ ස්ක්‍රබ් කරනවා නම් ඒක Body Scrub එකක් ලෙසත් හඳුන්වනවා. සමේ මැරුණු සෛල ඉවත් කරනවා කියලා නිතරම ස්ක්‍රබ් කිරීම හොඳ නෑ. සතියකට දවසක් හෝ සති දෙකට සැරයක් කිරීම හොඳටම ප්‍රමාණවත්.. නිරන්තරයෙන්ම ස්ක්‍රබ් කරන්න ගියොත් සමට හානි වෙන්න පුලුවන්.
ඒ වගේම ස්ක්‍රබ් කරන්න ඕනි පිරිසිදු සමකට. තෙල්, දූවිලි තියෙන සමකට ස්ක්‍රබ් කිරීම සුදුසු නෑ. සම සම සමත හිතකර බැක්ටීරියා ජීවත් වෙනවා. ඕනිවට වඩා ස්ක්‍රබ් කිරීමෙන් විනාශ වේලා යන්න පුලුවන්.සාමන්‍යයෙන් අපි ස්ක්‍රබ් කරන්නේ ක්ලෙන්සර් කිරීමෙන් පසුවයි.
ස්ක්‍රබ් කිරීමේ වැදගත්කම
- සමේ මැරුණු සෛල ඉවත් කිරීම.
- Black heades, White heades ඉවත් කරගැනීම පහසුයි.
- සම දීප්තිමත් වේ.
- සම පිරිසිදු වේ.
- දණහිස්, ඉකිලි ආදියේ අදුරු පැහැය නැති කිරීම උපකාරී වේ.
ඒ වගේම ස්ක්‍රබ් කිරීම කරන්න ඕනි හරිම මෘදුව පරිස්සමින්.කොපි ස්ක්‍රබ් එක ගත්තොත් සමහරු මේකට සීනි එහෙම යොදා ගන්නවා.. එතකොට සීනි වගේ සීරුම් ද්‍රව්‍ය වලින් අපේ සම සීරීමට ලක් වෙන්න පුලුවන්. ඒ වගේම පමණට වඩා ස්ක්‍රබ් කිරීමෙන් සම ඇඳීමට ලක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ගෙදර ඉදන් ස්ක්‍රබ් කරනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
කුරුලෑ සහිත සමක් ස්ක්‍රබ් කිරීම සුදුසු නෑ. මොකද ස්ක්‍රබ් කරනකොට ඒ කුරුලෑ කැඩී යන්න පුලුවන්.සැරව ගැලීම, කැළැල් ඉතිරි වීම වගේ දේවල් වෙන්න පුලුවන්.ඒ නිසා කුරුලෑ සහිත සම ස්ක්‍රබ් කිරීම එතරම් සුදුසු නෑ.
ඔයා ස්ක්‍රබ් එකක් භාවිතා කරනවා නම් ක්ලෙන්සර් කිරීමෙන් පසු ටෝනර් කිරීමට පෙර භාවිතා කල යුතුයි.අපේ සමේ ඇති සෛල මිය යනවා. ඒවා අපේ සම මත තට්ටු වශයෙන් තැන්පත් වේ.ස්ක්‍රබ් එකකින් කරන්නේ සමේ මැරුණු සෛල ඉවත් කිරීමයි. ස්ක්‍රබ් එක කරන්නෙත් ක්ලෙන්සර් එක කරා වගේ තෙත් සමට.ස්ක්‍රබ් එකෙන් ස්වල්පයක් අතට අරන් මුහුණේ තැනින් තැන ආලේපනය කරලා ඇගිලි තුඩු ටිකක් තෙත් කරලා මැදඟිලි වලින්ම ස්ක්‍රබ් කරනවා.මේ විදිහට ස්ක්‍රබ් කරන්නේ නළල, නහය,නිකට, බෙල්ල වැනි ප්‍රදේශ විතරයි.නහය දෙපැත්ත, කට වටා අර කළු වේලා තියෙන ප්‍රදේශ හොදින් ස්ක්‍රබ් කරන්න. ඒ වගේම ඇක්නී තියෙනවා නම් මුහුණේ, ඒවා මග හැරලා ස්ක්‍රිබ් කරන්න. කම්මුල ස්ක්‍රබ් කරනකොට එක අතක ඇඟිලි දෙකක් ඈත් කරලා( දබරගිල්ල හා මැදඟිල්ල භාවිතයෙන් V හැඩයට) අනිත් අතේ මැඳගිලි වලින් ටිකක් ටයිඩ් වෙන්න ස්ක්‍රිබ් කරන්න. යු ටියුබ් එකේ ඕනි තරම් විඩියෝ ඇති පැහැදිලි නැත්නම් චුට්ටක් ඒක බලන්න.ස්ක්‍රබ් එකක් විනාඩි 3-4 කාලයක් කිරීම ප්‍රමාණවත්. ස්පෝන්ච් කෑලි දෙකක් හෝ Cotton Pads දෙකක් භාවිතයෙන් මඳ උණුසුම් වතුරෙන් පිරිසිදු කරන්නඋනුසුම් වතුරින් මැරුණු සෛල හොඳින් ඉවත් කිරීමට පුලුවන්.
බොඩි ස්ක්‍රබ් සත්කාරය සදහා අවශ්‍ය දෑ
- කස්තුරි මේස හැදි 2
- කඩල පිටි මේස හැදි 2
- කෝපි කුඩු මේස හැදි 2
- බෙලෙන්ඩර් කර ගත් දුඹුරු සීනි මේස හැදි 4
- ආමන්ඩ් හෝ ඔලිව් තෙල් මේස හැදි 2
- බොඩි වොෂ් ස්වල්පයක්.( ඔබ භාවිතා කරන)

මේ සියල්ල එකට එකතු කර උකු මිශ්‍රණයක් සකසා ගන්න.ඉන්පසු පිරිසුදු කරගත් ඔබේ (මුහුන හැර ) සිරුරේ මෙය ගල්වා උඩු අතට සෙමින් සම්බාහනය කරන්න වැඩිපුර අදුරු ස්ථාන වැඩිපුර වේලාවක් කරන්න විනාඩි 10ක් ඇතුලත සිරුරේ අවපැහැ ස්ථාන සියල්ල ස්ක්‍රබ් කර අවසන් කර ඉන් අනතුරු තව විනාඩි 10ක් එලෙසම තිබෙන්න හැර පිරිසිදු වතුරින් සොදා දමන්න.
ස්වභාවික බිලිචිං බොඩි පැක් එක සදහා අවශ්‍ය දෑ
- හාල් පිටි(කුඩුකරගත් කැකුළු හාල් මිටක්)
- කස්තුරි කහා මේස හැදි 2
- යෝගට් හෝ මී කිරි මේස හැදි 3යි
- කුඩා තක්කාලි ගෙඩියක යුෂ
- කුඩා අල ගෙඩියක යුෂ
- දෙහි ගෙඩියක යුෂ

මේ සියල්ල පිරිසිදු බදුනක දමා පල්පයක් ලෙස පැක් එක සකසා ගන්න.
ඉන්පසු ස්ක්‍රබ් කිරිමෙන් අනතුරුව තෙත මාත්තු කරන ලද සිරුරේ හොදින් ආලේප කර විනාඩි 30ක් තියෙන්නට තබා පලමු වර ඇල්වතුරින් සොදා දෙවනුව අයිස් වතුරින් සොදා දමන්න. තෙතමාත්තු කොට අවශ්‍ය නම් මොයිස්චරයිස් ලෝෂන් ස්වලපයක් ගල්වා ගන්න.ඔබට පලමු භාවිතයෙන්ම සිනිදු ,පැහැපත් පෙනුමක් සම තුලින් දිස් වේවී.
මෙම සත්කාරය සතියට වරක් ලෙස මාසයක් කොට සමට හිතකර වූ දුටුවන් දෙවරක් හැරි බලන අකාරයේ ලස්සන හා සුමුදු සමක් හිමිකරගන්න.

