තක්කාලි ගෙඩියක් කියන්නේ පොඩි ෆාමසියක් වගේ. අලුත් තක්කාලි කප් එක ඒ කියන්නේ ග්‍රෑම් 150 ක කෙනෙක්ට අවශ්‍ය විටමින් ඒ,විටමින් සී, විටමින් කේ ඒවගේම ෆ්ලොලේටේ සහ පොටෑසියම් තියෙනවා. ඒ වගේම තක්කාලි ස්වභාවයෙන්ම ලුණු අඩු කෑමක්. ඒ වගේම මේද අඩු කරන කොලොස්රොල් අඩු කැලරි අඩු කෑමක්. ඒ විතරක්ම නෙමෙයි කෙනෙක්ගෙ නිරෝගීකමට ආශිර්වාදයක් වූ නයිසින්, විටමින් බී සික්ස්,මැග්නීසියම්, පොස්පරස් සහ කොපර් වලින් අනූනයි. හැම කතාවක්ම කියන්නේ තක්කාලි කොච්චර හොඳද කියලයි.
අව්වේ යනවද? හම පිච්චේනවද? දුර්වර්ණ වෙලාද? කන්න තක්කාලි.

ඔයාගේ හම හිරු එළියට නිරාවරණය වීම නිසා දවස් ගානේ උඳුනක දැම්මා වගේ හම පිච්චි පිච්චි යනවා කියලා ඔයා දන්නවා.කොච්චර සන්ස් ක්‍රීම් ගෑවත් මොයිස්චරයිසින් ක්‍රීම් ගෑවත් හමේ තියෙන්නේ දුර්වර්ණ වූ පිරිහී ගිය පාටක්. මේ අල්ට්‍රා වයලට් කිරණ වලට නිරාවරණය වීම නිසා අපට ඇතිවෙන අනන්ත දුක් කරදර වලට තක්කාලි පුදුමාකාර ගුණ දෙන ඔසුවක්. තක්කාලි වල ඇති බීටා කැරොටීන් සමේ මේ පිරිහී ගිය කොටස් ප්‍රතිසංස්කරණය කරනවා. ඒක පුදුම විදිහේ ප්ලාස්ටික් සැත්කමක් වගේ දෙයක්. මේ බීටා කැරොටීන් damage සම සමග ක්‍රියා කරනවා. ප්‍රතිඵලය සුන්දර දිදුලන පැහැපත් සමක්.ඒ වගේම හමේ වයස්ගත පෙනුම ඇති කරන ක්‍රියාවලිය පාලනය කරන ලයිකොපෙන්ස් රසායනයත් තක්කාලි වල ඇති තරම් තියෙනවා කියලා දැන් සොයා ගෙන තියෙනවා.
පිළිකාවට එරෙහිව තක්කාලි සටනට
තක්කාලි ස්වභාවිකවම පිලිකා සෛල සමග සටන් කරනවා කියලා හොයා ගත්ත එක පුදුම සොයා ගැනීමක්.මේ සොයා ගැනීම බටහිර ලෝකය පුදුම කරපු දෙයක් වුණා. ලෝකයේ පිළිකා විරෝදී ආහාර තියෙන්නේ ටිකයි. තක්කාලි ඉන් එකක්. නැවත තක්කාලි වල අඩංගු ලයිකොපෙන්ස් ගැන කතා කරන්න වෙනවා.ලයිකොපෙන්ස් පිළිකා සෛල ඇතිවීම පාලනය කරනවා. විශේෂයෙන් මුඛයේ, උගුරේ,බඩේ බඩවැල්වල, ගුද මාර්ගයේ සහ ඩිම්බකෝෂ වල ඇතිවන පිළිකා සෛල ස්වභාවිකම මර්දනය කරන පුදුමාකාර ගුණයක් තක්කාලිවල අඩංගු වෙනවා.
තක්කාලි කොණ්ඩය ලස්සන කරනවා
ඔයාට ඔයාගේ කොණ්ඩය ගැන තියෙන එක ප්‍රශ්නයක් තමා ඔයාගේ කොණ්ඩය ශක්තිමත් නැති එක.ඒ වගේම කොණ්ඩෙ shine එක නැතිකම.කන්න තක්කාලි.තක්කාලිවල අඩංගු විටමින් ඒ මේ දේ ලස්සනට කරනවා කියලා අද පෝෂණවේදීන් හොයාගෙන තියෙනවා ඒ නිසා බය නැතුව තක්කාලි ජූස් එකක් බොන්න දවස ගානෙ.
ලස්සන ඇස් දෙකක් හොඳ පෙනුමක්.

තක්කාලි ඔයාගේ ඇස් වල පෙනීම ඉතා ම පැහැදිලි හොඳ නිරෝගී එකක් කරනවා.ඒක තක්කාලි දෙන ප්‍රබලම සහතිකයක්. තක්කාලි වල අඩංගු විටමින් ඒ මේ දේ අඩුවක් නැතුව කරනවා කියලයි වෛද්‍යවරු කියන්නෙ. ඒ වගේම රාත්‍රී පෙනීමේ දුබලතාවයක් අඩු කරගන්න ලොකු සේවයක් කරනවා. දිනපතා තක්කාලි ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔයාට ඔයාගේ ඇස්දෙක ගැන නිදහසේ සිතන්න පුළුවන් වෙනවා.
බ්ලඩ් සුගර් ද
දියවැඩියා රෝගීන්ට ඉතාම හොඳ කෑමක් ලෙස තක්කාලි හඳුන්වනවා. තක්කාලිවල අඩංගු ක්රෝමියන් ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කරන්නට හරියට උදව් කරනවා. ශරීරය glucose ප්‍රතිශතය එක්තරා ප්‍රශස්ත මට්ටමක පවත්වා ගෙන යන්නට තක්කාලි දිනපතා අහාරයට ගැනීම උපකාරී වෙනවා. ඩයබෙටික් පේෂන්ස් ලා ඉන්නවනම් එයාලට කියන්න දවස ගානෙ තක්කාලි සම්බෝලයක් හදලා කන්න කියන්න.නැතිනම් තක්කාලි ජූස් එකක් හදලා උදේට බොන්න කියන්න. එක රසයි.https://assets.pinterest.com/ext/embed.html?id=1054686806456723536

