නිදා ගන්න ඕනෙද? නැත්තං නින්ද යන්න ඕනෙද? ගොඩක් අය නිදා ගන්න හදනවා. ඒත් නින්ද එන්නේත් නෑ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරන ආකාරයට කෙනෙක්ගෙන් නිරෝගීකමට හොඳ ආහාර, හොඳ ශාරීරික අභ්‍යාස සහ සැපවත් නින්දක් අවශ්‍ය වෙනවා.සැපවත් නින්දක් කියන්නේ සැපවත් ජීවිතයට අවශ්‍යම දෙයක් නේ. ඒක ජීවිතේ සුවදායක බවට ඉතාමත් වැදගත් දෙයක්. සැපවත් නින්දක් ලබාගන්න ඔයාට ඕනේ නම් මේ දේවල් කරලා බලන්න. නිසැක වශයෙන්ම ඔයාට සනීප නින්දක් යයි.

- හවස් වරුවේ ටිකක් ක්‍රියාශීලී වෙන්න.
හවස් වරුවේ ටිකක් ක්‍රියාශීලී වෙන්න. අලසකමේ ඉන්න එපා. ගෙවල් අස්පස් කරන්න.වත්තේ වැඩ ටිකක් එහෙම කරලා. අල්මාරියක් අස් කරලා, කෑම ටිකක් මහන්සි වෙලා හදන්න.ක්‍රියාශ්‍රිලි වෙන්න. එහෙම උනාම රෑ වෙද්දි ශරීරය පොඩි විවේකයක් නිකංම ඉල්ලනවා.ඒ කියන්නේ ඔයා නිදා ගත්තේ නැතත් ශරීරය ලස්සනට එක කරනවා.ඇඳට වැටිච්ච ගමන් නින්ද යනවා.

- හෙට උදේට ඕන කරන දේවල් අද ලෑස්ති කරල තියාගන්න.
අද රෑ නින්දට යන්න කලින් හෙට උදේට ඕන කරන දේවල් ලෑස්ති කරන්න. ඔෆිස් අදින ඇදුම් මැදලා තියන්න. පුතාගේ දුවගේ ඉස්කෝලේ පොත් බෑග් එහෙමත් ලෑස්ති කරන්න. එයාලගේ හෝම් වර්ක් කරවන්න. උදේ කෑම හදනවා නං ඒකත් ලෑස්ති කරන්න. හෙට විශේෂ ගමනක් යනවා නං ඒකට අවශ්‍ය ඇඳුම් සහ ආභරණ එහෙම අද ලෑස්ති කරන්න. එහෙම නැති උනහම හෙට තියෙන වැඩ අද හිතේ හොල්මන් කරනවා. එය මානසික සුවයට බාධාවක්.හිත ඉබේම හෙටට යනවා.එහෙම නොවෙන්න ඒ සඳහා සූදානම් වෙන්න. එතකොට හිත මානසිකව සන්සුන් වෙනවා.
- රූපවාහිනි නැරඹීමෙන් ඉවත් වෙන්න.
ඔයා හතයි තිහේ ටෙලි නාට්‍යයක් බලලා,අටේ නිව්ස් එකත් බලලා, අටයි තිහේ ටෙලි නාට්‍ය බලලා, නමයෙ ටෙලි නාට්‍යයත් බලලද නිදාගන්නෙ? නිදාගන්න ගමන් නමයයි තියේ ටෙලි නාට්‍යයත් බලනවද? එහෙනම් ඔයාට අමාරුයි.මොකද ඒ වගේ චරිත පිස්සු සිදුවීම් ඔයාගේ හිතේ හොල්මන් කරනවා. සැපවත් නින්දකට එක බාධා කරනවා.එනිසා තෝරාගන්න.බලන්න එපා කියන්නෑ.නමුත් තෝරාගත් එකක් නරඹන්න.ඇස් වලට විවේකයක් දෙන්න. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන හිතන්නෙ නැතත් ටෙලි නාට්‍ය චරිත වල ප්‍රශ්න හිතන්න ගන්නවා. ඒ නිසා අවශ්‍යම දේ විතරක් නරඹලා ඉන් ඉවත් වෙන්න.
- නිදාගන්න පැයකට කලින් හිත සන්සුන් කරගන්න.
නිදාගන්න පැයකට විතර කලින් ඉඳලා සන්සුන් වෙන්න. නිවස පුරාම සංසුන්ව ඇවිදලා කරන්න තියෙන වැඩ ටික හිමීට කරලා දොරවල් එහෙම වහලා දාලා,ඕෆ් කරන දේවල් එහෙම කරලා හිත සන්සුන් කරගෙන ඉන්න. නැතිනම් නිදාගන්න ගිහිල්ලා ඉස්සරහ දොර වහල ද,කුස්සියෙ දොර වහල ද,අර කරල ද,මේක කරල ද, නැගිට නැගිට බලනවා.ඒවා කලින්ම ඉවර කරලා තියාගන්න.

- හොඳට ඇඟ සෝදා ගන්න.
නින්දට යන්න කලින් ටිකක් වෙලා අරගෙන හොඳට ඇඟ සෝදන්න.දත් එහෙම මැදල ඇඟ සෝදගන්න. එකට පැය භාගයක් ගැනීම කොහොමටවත් නරක දෙයක් නෙමෙයි. වතුර කියන්නේ ශරීරයට සුවදායක බවක් ගේන දෙයක්. ඒක නින්දට කලින්ම කිරීම නිසා ශරීරයට මොකක්ද සනීපයක් ඇතිවෙනවා. ඒක ඉතාමත් අ අවශ්‍යයි.
- ශාන්ත සුවයක් ඇති කරන නයිට් ක්‍රීම් එකක් විලවුන් වර්ගයක් තෝරාගන්න.
ශාන්ත මුදු සුවදක් ඇති නයිට් ක්‍රීම් එකක් සුවඳ විලවුන් වර්ගයක් සනීප නින්දක් සඳහා අවශ්‍ය වෙනවා. ඒක ඔයාගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහ සුවදායක බව වෙනුවෙන් මිලට ගන්න. හැමදාම රාත්‍රියට ගන්න වොෂ් එකෙන් පස්සේ ඒක ගාන්න.
- සනීප ආයුර්වේද තෙලක් නින්දට කලින් හිස ගල්වන්න.
අධික තෙල් ගතියක් නැති නමුත් ආයුර්වේද සුවඳක් ඇති සනීප තෙල් වර්ග තියෙනවා.මේ මගින් ඔයාගේ හිතට සුවයක් වගේම හිසකෙස් වලට පණක් ගේනවා. එහෙම විශේෂ තෙල් වර්ග තියෙනවා.ඒ ගැන ආයුර්වේද තෙල් වර්ග අලෙවි කරන අය ඔයාට කියයි.
- නින්දට යද්දී ප්‍රශ්න ගැන හිතන්න එපා.
හැමෝටම ප්‍රශ්න තියෙනවා ඒව ගැන නින්දේදී හිතන්න එපා.දවසක් ම දීලා තියෙන්නේ ඒවා ගැන හිතලා ඒවාට ප්‍රතිකර්ම කරන්නනෙ.නින්දට යද්දී ප්‍රශ්න ගැන හිතුවාම ඒ ප්‍රශ්න විසින් ඔයාව ඇහැරවලා තියෙනවා.ඒ නිසා නින්දට යන වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතන්න එපා. සුවයක් ගෙන දෙයක් ගැන හිතන්න.හිතට සනීපයක් ගැන දෙයක් ගැන හිතන්න. නින්දට යද්දී ප්‍රශ්නේ ගැන හිතලා සුවදායක නැති කරගන්න එපා.
- ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කරන්න
Incoming calls,එන මැසේජ්ස් ඔයාගේ නින්ද කඩනවා. නින්දට බාධා කරනවා ඒක තමයි අලූත් ම සොයා ගැනීම. කට්ටිය කරන්නේ එයාලට නින්ද යන්නේ නැති නිසා ඒ වෙලාවට ලෝකේ වටේට කතා කරගෙන ඒ ප්‍රශ්න අනිත් අයට දාන එකයි.ඒ නිසා ඒ කුණු ගොඩවල් රෑට හිතට ගෙන ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න. නැතිනම් silance කරන්න. නින්ද යන්නෙම නැතිනම් හොඳ උණුසුම් කිරි වීදුරුවක් බොන්න.තේ කෝපි බොන්න එපා. කැෆේන් නින්ද අඩු කරනවා.

- ආගමික වතාවත් කරන්න
එක ඉතාමත් වැදගත්. නින්දට යන්න කලින් පන්සිල් ගන්න. ආගමික දේවල් සිහි කරන්න.ඔයාගේ ආගම අනුව යම් යම් හොඳ දේවල් කරන්න. දෑස් පියාගෙන ටිකක් භාවනා කරන්න. ආගමික ගාථාවක් නැතිනම් යාතිකාවක් සිහි කරගන්න. මේ විදියට හිත නිවා ගැනීම සැපවත් නින්දට ඉතාම හොඳයි.

