අපේ කලින් ලිපියක සදහන් කරා Saffron කියන්නේ මොනවද සහ Saffron වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒ අනුව අතීතයේ සිට විවිධ රටවල පාරම්පරික ඖෂධයක් ලෙස හා කුළු බඩු වර්ගයක් ලෙස ප්‍රචලිත දෙයක් කුංකුම කියන්නේ. විශ්මය ජනක ප්‍රතිලාභ රැසක් අත් කර දීමේ හැකියාවක් තියෙන Crocus Sativus ශාඛයේ මල් වල රේණු වලින් කුංකුම ලබා ගන්නවා. මේ ලිපිය මගින් කුංකුම (Saffron) භාවිතා කරලා පැහැපත් දිදුලන සමක් ලබාගන්න පුලුවන් ක්‍රම කිහිපයක් කියා දෙනවා.

Saffron Cream
- සාමාන්‍ය/වියලි සමක් ඇති ඔයාලට ගෙදරිදිම හදා ගන්න පුලුවන්
- බ්ලීචින් ආසාදන වලට ලක්වුන අයට මැරුන සම නීරෝගී කරගන්න භාවිතා කරන්නත් පුලුවන්.
- දීප්තිමත් සමක් ලබාගන්න කුංකුම හා කෝමාරිකා ජෙල් රාත්‍රී සත්කාරය
- අපි බලමු මොනවද අපිට ඕනි වෙන්නෙ නයිට් ක්‍රීම් එක හදා ගන්න අමුද්‍රව්‍ය කියල…
( Saffron Massage Gel/Night Cream )
- සැෆ්‍රන් රේණු කීපයක්(Saffron )
- කෝමාරිකා ජෙල් (Aloe vera Gel)
- විටමින් ඊ කරලක්(Vitamin E capsule )
- Glycerin (තිබේ නම් පමණක්)
දැන් බලමු කොහොමද ක්‍රීම් එක හදා ගන්නෙ කියල…

වෙළඳපොළෙන් මිළදී ගත් කෝමාරික ජෙල්(Aloe vera Gel) ස්වල්පයකට කුංකුම(Saffron) රේණු කීපයක් දමන්න. ඉන් පසු Glycerin බිංදු කීපයක් එකතු කරන්න.එයටම විටමින් ඊ කරල කඩා එකතු කරන්න.ඉන් පසු හොඳින් මිශ්‍ර කරන්න.කහ පැහැති ආලේපයක් ඔබට ලැබේවි.රාත්‍රී ආලේපයක් ලෙස භාවිතා කළ හැකියි.දිනපතා රාත්‍රියේදී ආලේප කරන්න.සමට උරාගන්නා තෙක් විනාඩි 5ක් පමණ මෘදුව පිරි මදින්න.පසුදා උදෑසන සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.කුරුලෑ,පිලිස්සුම්,ලප කැලැල් අඩුවී මුහුණේ හා ශරීරයේ අඳුරු ගතිය දුරුවී,දීප්තිමත් සමක් ලැබනෙවා.තෙල් සහිත සමක් ඇති අයෙක් නම් ඇලෝජෙල් සමග සැෆ්‍රන් මිශ්‍ර කර භාවිතා කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
Saffron drink
අවශ්‍ය ද්‍රව්‍ය
- Fesh milk (අපි බොන සුදු කිරිඋනත් කමක් නෑ. diet කරන කෙනෙක් නම් nonfat milk පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නෑ)
- ආමන්ඩ් (රැයක් පෙගෙන්න දාලා great කරලා ගන්න
- SAFFRON(රේනු 3ක් 4ක් උණුවතුර අඬුකෝප්ප කාලකට දාලා වහල විනාඩි 15ක් වගේ තියන්න)
- කෝමාරිකා ( කෝමාරිකා පිත්තකින් පරිස්සමට මදය සූරල අරග්න්න කොලපාට පොත්ත හොඳින් ඉවත් කරගන්න. නැතිනම් තිත්ත රසක් එන්න පුලුවන්)
- මී පැණි
එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ මැජික් drink එක හදාගන්නෙ කියලා……

අපි මේ සඳහා ගත්ත කිරි සහ කෝමාරිකා මදය blender jar එකකට දාලා පොඩ්ඩක් blend කරගන්න ඕනි. (ගොඩාක් එපා) ඊටපස්සෙ අපි නැවතත් කිරි මිශ්‍රණය වීදුරුවකට දාගෙන අපි උණු වතුරට දාලා හදාගත්ත saffron ආමන්ඩ් කුඩු ටිකයි දාලා හොඳට කලවම් කරගන්න.ඊටපස්සේ ඔයාට අවශ්‍ය රස අනුව මී පැණි දාගන්න.
ඔන්න අපි හදලා ඉවරයි.දැන් ඔයාටත් බය නැතුව saffron බොන්න පුලුවන්.සතියකට දෙපාරක් තුන්පාරක් වගේ බිව්වාම හොඳටම ඇති.හරිම ලේසි ඉක්මනින්ම හදාගන්න පුලුවන්. ඇගේ ඌෂ්නත්වතය බැලන්ස් කරගනිමින් සතියට දෙවතාක් හෝ තුන් වතාවක් පමණක් භාවිතා කල යුතුය.ඒ අතර තුර ඇග නිවෙනා පාන වර්ගයන් සව්,බාර්ලි,නෙල්ලී රසකිඳ ,රනවරා මල් සතියට දෙවරක් භාවිතා කල යුතුය. ගොඩක් සැෆ්රන් වෙලෙන්දන් කියන්නේ දිනපතා ගැනිම සුදුසු බවයි ඔරිජිනල් සැෆ්‍රන් එසේ භාවිතා නොකල යුතුයී.ශරීරයේ ඌෂ්නත්වතය වැඩිවිමේන් ඇලජි තත්ත්වයන් බිබිලි හට ගත හැක.
ඔරිජිනල් සැෆ්‍රන් බොන්න වගේම බොඩි ලෝෂන් ,ෆේස් ක්‍රීම් සමග ආලේප කර හොදම ප්‍රතිඵල ලබාගත හැක. Side effects නෑ වගේම ශරීරයටත් අහිතකර නැත.ශරීරය ට ගුණදායී වේ.ප්‍රමිතියෙන් යුතු වෙලෙද නාමයක සැෆ්‍රන් පමණක් මිලදී ගන්න.බොන්න කොහොමත් ම බාල වර්ගයේ සැෆ්‍රන් පාවිච්චි කරන්න එපා

